කැස්බෑ බිත්තර 60 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාව විසින් සිදු කළ දැනුම්දිමකට අනුව ගන්දර පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 23) දෙවුන්දර, වැල්ලමඩම ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී, නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර 60 ක් ලග තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා බිත්තර තොගය රැගෙන යමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා 50 වන වියෙහි පසුවන මාතර ප්රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කැස්බෑ බිත්තර තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු ගන්දර, පොලිසිය විසින් සිදු කරනු ලබයි.







