ජීවී කැස්බෑවෙකු ගමන්මල්ලක සඟවාගෙන යමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාවට කොටුවෙයි

පාමුර සංචාරයේ යෙදී සිටි උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 14) දින ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය රෝහල ඉදිරිපිටදී සැක සහිත ලෙස පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවතා පරීක්‍ෂාවට ලක්කර ඇත. එහිදී ඔහු සතුව තිබූ ගමන්මල්ලෙහි ජීවී කැස්බෑවෙකු සඟවාගෙන සිටින බව නිරීක්‍ෂණය කළ නාවිකයින් විසින් එම පුද්ගලයා, ජීවී කැස්බෑවා සහ පාපැදිය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණී.