කපිතාන්, සුජීව වීරසූරිය ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ හා මගී ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජලමානක) සුජීව වීරසූරිය මහතා ඊයේ (පෙබරවාරි 14) දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ මහතා විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.