නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (පෙබරවාරි 14) දින තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු සෝදිසි කිරීමේදී එම පුද්ගලයා ඉන්දීය ජාතිකයෙකු බව තහවුරු කරගෙන ඇති අතර, ඔහු සතුව තිබී කේරළ ගංජා මිලි ග්‍රෑම් 1200 ක පුමාණයක්, ජංගම දුරකතනයක්, සිම් පත් 02 ක්, පාස්පෝටි ප්‍රමාණයේ ඡායාරූප 03 ක්, ඉන්දියන් රුපියල් 20 ක් සහ ශ්‍රී ලංකා රුපියල් 200 ක් අත්අඩංගුවට ගෙන ඇත.
14 Feb 2019
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හට පාකිස්ථානු රජයෙන් ගෞරවාන්විත පදක්කමක්
මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය (Aman International Naval Exercise) සඳහා සහභාගී වී සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්ථාන රජය විසින් පිරිනමනු ලබන Nishan-e-Imtiaz (Military) නැමති ගෞරවාන්විත හමුදාමය පදක්කමෙන් පිදුම් ලැබීය.
14 Feb 2019



