නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 30) යාපනය, මන්ඩතිව් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස සිටි පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා 49 වන වියෙහි පසුවන පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, නාවික හමුදාව විසින් සිදු කළ වැඩිදුර විමර්ශණයෙදී මෙම පුද්ගලයා ඉන්දියාවට සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත. ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්ඩතිව්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.