2018 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රී ලංනානෞ සයුරළ නෞකාව නම් කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකා අතරින් සෑම වසරකම හොඳම නෞකාව තෝරා ගැනීමට කටයුතු කරන අතර, එහිදී, නෞකා‍වන් අතර පවත්වනු ලබන ක්‍රීඩා තරග, නාවික දැනුම, කඹ හැසිරවීම, නෞකා අතර පැවති යුධ අභ්‍යාසයන් සහ වැඩිම මුහුදු සංචාරයන් සිදු කල නෞකාව යන කරුණු පදනම් කර ගනිමින් හොඳම නෞකාව ‍නම් කිරීමට කටයුතු කරනු ලබයි.

ඒ අනුව, ධජ නිළධාරී නාවික දියත් විධානය විසින් 2018 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව තෝරා ගෙන ඇති අතර, එයට අදාල වර්ෂය සඳහන් තරු සලකුනකින් යුතු ඵලකය නෞකාව තුළ නිරාවරණය කිරීම අද (ජනවාරි 30) ධජ නිළධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ‍් මහතාගේ අතින් සිදුවිය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් (කිමිදුම්) ඉසිර කාසිවත්ත මහතා ඇතුළු නෞකාවේ නිලධාරින් සහ නාවිකයින් සහභාගී විය.