ඊශ්‍රායල් ආරක්‍ෂක උපදේශක නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් එෆී ඩෙෆ්රින් මහතා ඊයේ (නොවැම්බර් 28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය. එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටියහ.