නාවික හමුදා 534 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය දඹාන අදීවාසි ගම්මානයට
 

අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ “රකිමු වකුගඩු පණ සේ - සුවය දිවිමග එවිට සැළසේ” සංකල්පයට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ සම්බන්ධීකරණයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් නිෂ්පාදනය කර ඇති අතර, නාවික හමුදාව මේවන විට ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 534 ක් දිවයින පුරා ආවරණය වන පරිදි ස්ථාපිත කර ජනතා අයිතියට පත් කර ඇත.

ඒ අනුව 534 වැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය  බදුල්ල  දිස්ත්‍රික්කයේ දඹාන ආදිවාසි ගම්මානයේ ස්ථාපිත කරන ලද අතර, ‍එම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය පසුගිය නොවැම්බර් 24 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලෑත්තන්, ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා, අධ්‍යක්‍ෂ නාවික (පර්යේෂණ හා සංවර්ධන) කපිතාන් ලසිත් ගුණසේකර මහතා සහ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් නිශාන්ත රණවිර මහතා මෙන්ම ආදිවාසී ජනතාව විශාල පිරිසක් සහභාගී විය.