බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
 

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත කපිතාන් අබ්දුල්ලාඅයි මාකසස් මහතා ඇතුළු දුත පිරිසක් අද (නොවැම්බර් 26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමු විය.

26 Nov 2018

233 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 376 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 233 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 376 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට පසුගිය නොවැම්බර් 24 වන දින විසිර යන ලදී.

26 Nov 2018

විදේශිය වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කෙරේ
 

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයට (United Nations Office on Drugs and Crime - UNODC) අනුබද්ධිත ඉන්දුනීසියාව, මැලෙසියාව සහ පීලිපින යන රටවල්වල වෙරළාරක්‍ෂක, පොලිස් සහ රේගු නිලධාරින් සඳහා නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ (Visit Board Search and Seizure - VBSS) විශේෂ පුහුණුවක් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය මඟින් ත්‍රිකුණාමලයේ පිහිටි එම බලඝණ මූලස්ථානයේදී පැවැත්විමට කටයුතු කරන ලදී.

26 Nov 2018

ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරගාවලිය - 2018
 

2018 වර්ෂය සඳහා වු ශ්‍රීලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය පසුගිය නොවැම්බර් 20 වන දින සිට 24 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී.

26 Nov 2018

කොමාණ්ඩර් නිරෝෂන විට්ටච්චි මහතා ශ්‍රීලංනානෞ රණධීර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණධීර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) නිරෝෂන විට්ටච්චි මහතා පසුගිය නොවැම්බර් 23 වන දින වැඩ භාර ගන්නා ලදී.

26 Nov 2018