ශ්‍රි ලංකා බෝට්ටු ප්‍රදර්ශනය 2018 සඳහා නාවික හමුදාවේ නියෝජනය
 

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ බෝට්ටු තාක්ෂණ දියුණු කිරිමේ ආයතනය එක්ව සංවිධානය කරනු ලැබු  යාත්‍රා ප්‍රදර්ශනය මෙවර  ගාලු වරාය පරිශ්‍රය තුල ඉතා උත්කර්ෂවත් අයුරින් පසුගිය ඔක්තෝබර් මස 26 වන දින ආරම්භ කෙරුණු අතර, එය දින 3ක් පුරා පැවැත්වීණ.

මෙම ප්‍රදර්ශනය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් කුඩා යාත්‍රාවන්,  ගොඩබිමෙහි සහ ජලයෙහි ප්‍රදර්ශනය කර ඇති අතර, නාවික  හමුදාවේ අභිමානය සහ කීර්තිය  විදහාපාන  අලංකාර ප්‍රදර්ශන කුටියකින්ද මෙම ප්‍රදර්ශනය වර්ණවත් කර තිබුණි. මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සඳහා දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී විය.