ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් නෞකා දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 30) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

‘කාගා’ නෞකාව දිගින් මීටර් 248 ක් හා ධාරිතාවය ටොන් 19,950 කින් යුක්ත වන අතර, 400 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි. “ඉනසුමා” නෞකාව දිගින් මීටර් 151 හා ධාරිතාවය ටොන් 4,550 කින් යුක්ත වන අතර, එහි නැව් මුළුව 170 කි. දින 05 ක නිල සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාවන්, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් 04 වන දින මෙම නෞකාවන් ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.

තවද, ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ හතරවන නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් තට්සුයා ‍ෆුකුඩා මහතා, ‘කාගා’ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් හිඩේකි මිෂුටා මහතා සහ ‘ඉනසුමා’ නෞකාවේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් යුකී ඕචිමීෂු මහතා යන නිලධාරින් එළබෙන ඔක්තෝබර් 01 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විමට ද නියමිතව ඇත.