ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් ‍එස්සී මොහාන්තී ( Major General SC Mohanty) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස ඊයේ (අගෝස්තු 28) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

එහිදී දූත මණ්ඩල ප්‍රධානී මේජර් ජෙනරාල් ‍එස්සී මොහාන්තී මහතා, නැගෙනහිර ප්‍රදේශ භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවි සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා ද සහභාගිවී සිටියහ.