කිලෝග්‍රෑම් 05 කට අධික රත්‍රං සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි 24) කල්පිටිය, කිඹුල්බොක්ක, උච්චමුණි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 5.7 කට අධික රත්‍රං තොගයක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

25 Jul 2018

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම හදුන්වාදිය හැකි අතර, ඒ අනුව, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් පසුගිය ජුලි 23 වන දින තිස්සමහාරාමයේදී සහ ඊයේ (ජුලි 24) මීමින්නාගම, කිරිමැටියාව සහ මැටිකොටුව යන ප්‍රදේශයන්හිදි ප්‍රජා අයිතියට පත් කෙරුණි.

25 Jul 2018

කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
 

කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා දකුණු නාවික විධානය භාර නියොජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති වශයෙන් ඊයේ (ජුලි 24) වැඩ භාර ගන්නා ලදී.

25 Jul 2018