කිලෝග්‍රෑම් 05 කට අධික රත්‍රං සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි 24) කල්පිටිය, කිඹුල්බොක්ක, උච්චමුණි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 5.7 කට අධික රත්‍රං තොගයක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එම රත්‍රං තොගය දළ වශයෙන් රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුක්ත වන අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ‍බව හඳුනාගෙන ඇත. තවද, රත්‍රං ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා ලද ඩිංගි යාත්‍රාවක් ද එහිදී නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයන්, රත්‍රං තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු, රේගු නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.