ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම හදුන්වාදිය හැකි අතර, ඒ අනුව, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් පසුගිය ජුලි 23 වන දින තිස්සමහාරාමයේදී සහ ඊයේ (ජුලි 24) මීමින්නාගම, කිරිමැටියාව සහ මැටිකොටුව යන ප්‍රදේශයන්හිදි ප්‍රජා අයිතියට පත් කෙරුණි.

ඒ අනුව, තිස්සමහාරාමය, යෝධකණ්ඩිය ගම්මානයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලද අතර, පසුගිය ජුලි 23 වන දින ගරු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය, සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ සුරතින් එය ජනතා අයිතියට පත් කෙරිණි. එම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා සහභාගී වු අතර, මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මඟින් පවුල් 300 කට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට හැකි වනු ඇත.

තවද, ආනමඩුව, මීමින්නාගම ගම්මානයේ, නවගත්තේගම, කිරිමැටියාව ගම්මානයේ සහ දංකොටුව, මැටිකොටුව ගම්මානයේ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 03 ක් ස්ථාපිත කිරීමට කටයුතු කළ අතර, ඒ අනුව, අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් දුරස්ථ සංනිවේදන තාක්‍ෂණය ඔස්සේ ඊයේ (ජුලි 24) මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරිණි. එමඟින් මීමින්නාගම ගම්මානයේ පවුල් 350 ක්, කිරිමැටියාව ගම්මානයේ පවුල් 420 ක් සහ මැටිකොටුව ගම්මානයේ පවුල් 550 කට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය ඉටු කර දීමට නාවික හමුදාව සිය දායකත්වය සපයා ඇත. නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර නිපදවිමට කටයුතු කරනු ලබන අතර, මේ දක්වා ප්‍රති ආශ්‍රැත ජල පිරි පහදු 470 ක ප්‍රමාණයක් ඉතා සාර්ථකව ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. එමෙන්ම, 2018 වර්ෂයේ පමණක් යන්ත්‍ර 92 ක වැඩ කටයුතු අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කර ඇත.

වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙකු වන නාවික හමුදාව, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය හා එක්ව දිවයිනේ වකුගඩු රෝගය බහුලව ව්‍යාප්තව පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.

තිස්සමහාරාමය, යෝධකණ්ඩිය ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරිම

 

 

 

 

 

 

 

 

 

 

 

ආනමඩුව, මීමින්නාගම ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරිම

 

 

 

 

 

 

නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරිම

 

 

 

 

 

 

දංකොටුව, මැටිකොටුව ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කිරිම