මාලදිවයින් වෙරළාරක්ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව කොළඹ වරායට පැමිණේ.
මාලදිවයින වෙරළාරක්ෂක බළකායට අයත් ‘හුරාවී’ නෞකාව අද (ජුලි 07) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී මේජර් මොහොමඩ් ජන්ශාඩ් සහ ශ්රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් අහමඩ් ගිහාස් යන මහත්වරුන්, බටහිර නාවික විධාන මුලස්ථානයේ දී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් ද්වි පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
දින 3 ක නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව එළඹෙන ජුලි මස 09 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතය.
![](assets/images/news/event_news/2018/July/2018_07_07_a/1.jpg)
![](assets/images/news/event_news/2018/July/2018_07_07_a/2.jpg)
![](assets/images/news/event_news/2018/July/2018_07_07_a/3.jpg)
![](assets/images/news/event_news/2018/July/2018_07_07_a/4.jpg)
![](assets/images/news/event_news/2018/July/2018_07_07_a/5.jpg)
![](assets/images/news/event_news/2018/July/2018_07_07_a/6.jpg)
![](assets/images/news/event_news/2018/July/2018_07_07_a/7.jpg)
![](assets/images/news/event_news/2018/July/2018_07_07_a/8.jpg)
![](assets/images/news/event_news/2018/July/2018_07_07_a/9.jpg)