නාවික හමුදාධිපතිතුමන් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය (මැයි මස 24 සිට 27) දිනයන්හී දී ‍නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, විසින් නාවික හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.

පළමුව නාවික හමුදාධිපති තුමන් මැයි මස 25 වන දින නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ පැවති ‘සැපයුම් සම්මන්ත්‍රණය - 2018’ සඳහා සහභාගී වන ලදී. අනතුරුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ චාරිකාවාරයක නිරත වීමෙන් පසුව ශ්‍රීලංනානෞ ‘විදුර’ ආයතනයේ සිදු කරන ලද චාරිකාවාරයේදී නාවික හමුදාධිපති තුමන් විසින් පොල් පැලයක් රෝපණය කළ අතර, එම චාරිකාවාරය සනිටුහන් කරමින් නාවික අණභාර නිලධාරී (ත්‍රිකුණාමලය දකුණ), කොමදෝරු අරුණ කල්දේරා මහතා, විසින් නාවික හමුදාධිපති තුමන් වෙත සමරු තිළිණයක්ද පිළිගැන්විය.

පසු ගිය මැයි 26 වන දින ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා වැඩපලක් සහ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, විසින් නාවික තඨාකාංගණයේදී මුල්ගල තබන ලදි. අනතුරුව නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ පැවති සිව්වන දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වී පාඨමාලාව හැදැරූ නිලධාරින් ඇමතීය. ඉන් පසු නාවික අනුඛණ්ඩ අඩුක්කුපාඩු, ශ්‍රීලංනානෞ විජයබා සහ අධිසංඛ්‍යාත පෘෂ්ඨික තරංග රේඩාර් මධ්‍යස්ථානයේ (HFSWR) ද චාරිකාවේ නිරත විය. පසුව ශ්‍රීලංනානෞ වලගම්බා ආයතනයේ චාරිකාවේ නිරතවු නාවික හමුදාධිපති තුමන් එහිදී ද පොල් පැලයක් රෝපණ කලේය. තවද එම චාරිකාවාරයන් සිදු කළ ආයතන වල නිලධාරීන් හා නාවිකයින් ඇමතීමට ද නාවික හමුදාධිපති තුමන් කටයුතු කළේය.

ඊයේ (මැයි 27) දින ශ්‍රීලංනානෞ කාශ්‍යප සහ නාවික අනුඛණ්ඩ වාකරේහි නාවික හමුදාධිපති තුමා විසින් චාරිකාවන් සිදුකර එම ආයතනවල නිලධාරීන් හා නාවිකයින් ඇමතීමෙන් අනතුරුව නාවික අනුඛණ්ඩ මඩකලපුවෙහි නිරීක්‍ෂණ චාරිකාවත් සමඟ නාවික හමුදාධිපතිතුමාගේ නැගෙනහිර නාවික විධාන සංචාරය නිමාවට පත්විය.

නාවික හා සාගරික විද්‍යාපිඨය

 

 

 

 

 

 

 

 

 

 

ගන්සයිට්

 

 

 

 

 

ශ්‍රීලංනානෞ විදුර

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා වැඩපලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම

 

 

 

 

 

නාවික අනුඛණ්ඩ අඩුක්කුපාඩු සංචාරය

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රීලංනානෞ විජයබා සංචාරය

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රීලංනානෞ වළගම්බා සංචාරය

 

 

 

 

 

 

 

 

 

 

කල්ලරාව රේඩාර් මධ්‍යස්ථානය

 

 

 

 

 

නාවික උප අනුඛණ්ඩ වාකරේ

 

 

 

 

 

ශ්‍රීලංනානෞ කාශප

 

 

 

 

 

 

 

 

නාවික උප අනුඛණ්ඩ මඩකලපුව