විනිශ්චයකාරවරුන් සහ නීතිපති ‍දෙපාර්ත‍මේන්තු‍වේ නිලධාරීන් ‍වෙනු‍වෙන් නීති වි‍රෝධි මසුන් ඇල්ලීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්වෙයි
 

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරන ලද නීති වි‍රෝධී මසුන් ඇල්ලීම පිළිබඳ වැඩමුළුවක් පසුගිය මාර්තු 24 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නා‍ගොඩ ශ්‍රවණාගාර‍යේ දී පැවැත්විණි. විනිශ්චයකාරවරුන් සහ නීතිපති ‍දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන් උ‍දෙසා සංවිධානය කෙරුණු මෙම වැඩමුළුව නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්වයකරුවෙකු, ආභියාචනාධිකරණ විනිසුරුවරයෙකු, කාන්තා විනිසුරුවරියන්, ශ්‍රී ලංකා විනිශ්චයකරුවන්ගේ ආයතනයේ විනිසුරුකරුවන්, නීතිපති දෙපාර්තමේන්තුවේ විනිසුරුකරුවන්, ධීවර අමාත්‍යාංශ සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ (NARA) නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. මීට අමතරව, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නීති විද්‍යාලයට අනුයුක්ත ආචාර්ය පියෝ මනෝආ මහතා සහ ඕස්ට්‍රේලියානු රජයේ ජාත්‍යන්තර නීති කාර්යාලයේ ජ්‍යෙස්ඨ නීති උපදේශක, සෝ ස්කැන්ලන්ඩ් මහත්මිය ද මේ සඳහා සහභාගී විය.

මෙම වැඩමුළුවේදී කපිතාන් මුහුදු පුහුණු වශයෙන් කටයුතු කරනු ලබන, කපිතාන් (මාලිමා) ප්‍රදීප් රත්නායක මහතා විසින් නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැක්ම සහ විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රමයක් වන පතුල මත ඇදගෙන යාමේ (Bottom Trawling) ක්‍රමය පිළිබඳව සවිස්තරාත්මක දේශණයක් ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව නාවික හමුදාව විසින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වන පුද්ගලයින් හදුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගන්නා ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම වැඩමුළුවට සහභාගී වූ කණ්ඩායම‍ ශ්‍රී ලංකා නාවික නෞකා රණසිරි නෞකාව මඟින් මුහුදු සංචාරයක් සඳහා ද එක් විය.