“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ ශ්‍රී ලාංකික ජයග්‍රහකයා නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි.

28 Feb 2018

දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා අද (පෙබරවාරි 28) දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

28 Feb 2018

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “විනෝද් ක්‍රිෂාන් 06” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අද (පෙබරවාරි 28) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

28 Feb 2018

නාවික හමුදා මැරීන් බලඇණියේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 139 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව ලැබූ තෙවන කණ්ඩායමට අයත් නිලධාරීන් 16 දෙනෙකු සහ නාවිකයන් 123 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (පෙබරවාරි 27 ) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.

28 Feb 2018