නයිජීරියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ නයිජීරියානු ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු එඕ ෆෙරයිරා මහතා අද (පෙබරවාරි 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සහද පිළිසදරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා, අධ්‍යක්ෂ නාවික පුද්ගල, කොමදෝරු ආනන්ද ගුරුගේ සහ අධ්‍යක්ෂ ‍නාවික මෙහෙයුම් කොමදෝරු සංජීව ඩයස් යන මහත්වරුන් ද එක් වී සිටියහ.