‘Howell Cup Team Race Sailing regatta’ රුවල් ඔරු තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට
 

සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) මඟින් සංවිධානය කරන ලද ‘Howell Cup Team Race Sailing Regatta’ කණ්ඩායම් තරඟාවලියේ ජයග්‍රහණ කිහිපයක් දිනා ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ ක්‍රීඩකයන් හට හැකි විය.

එම තරඟාවලිය පසුගිය ජනවාරි මස 14, 20, 27 සහ 28 යන දිනයන්හිදී බොල්ගොඩ ජලාශයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා දිවයිනේ ප්‍රවීණ රුවල් යාත්‍රා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 13 ක් යටතේ ක්‍රීඩකයින් 65 ක් සහභාගී විය. එහිදී, නාවික හමුදා ඒ සහ බී කණ්ඩායම් විසින් ලේසර් රේඩියල් කාණ්ඩයේ ප්‍රථම සහ තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් වන ලදී.