නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 12 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානය භාර ආඥපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 28) ඌරුමලෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 12 ක් සමග ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

29 Jan 2018