සරඹ උපදේශකයන් 15 දෙනෙකු විසිර යයි
 

28 වන සරඹ උපදේශක පාඨමාලාවට අනුයුක්තව පුහුණුව ලැබූ සරඹ උපදේශකයින් 15 දෙනෙකු සිය පුහුණුවීම් සාර්ථක ලෙස නිමාවට පත් කරමින් පසුගිය ජනවාරි මස 24 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන සරඹ පිටියේදී උත්සවාකාරයෙන් විසිර යන ලදී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා සහභාගී විය.

මාස 6 ක කාලයක් පුරා පැවති එම පාඨමාලාව සඳහා කාන්තා සරඹ උපදේශකවරියක් ද ඇතුළුව සරඹ උපදේශක වරුන් 15 දෙනෙකු ඇතුළත් විය. පාඨමාලාවේ දක්ෂතම සරඹ උපදේශකයා හට හිමි තඹ ආලේපිත දම්වැල සහ නලාව නායක නැවි ජීකේඒආර් සෙනවිරත්න විසින් හිමි කර ගන්නා ලදී. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම නාවිකයන් රැසක් ද සහභාගී වී සිටියහ.