නීති විරෝධී ලෙස රත්‍රං ‍කිලෝග්‍රෑම් 7 ක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) කන්කසන්තුරෙයි ප්‍රදීපාගාරයට වයඹ ‍දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට රැගෙන යමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

17 Jan 2018

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 16) නච්චිකුඩා සහ පේසාලේ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති වි‍රෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

17 Jan 2018