නාවික හමුදාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 29) අරලිය ගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය.

29 Nov 2017

රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

නාවික හමුදාවට ලැබුනු තොරතුකට අනුව CMA CGIM Orfeo නම් බහාලුම් නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (නොවැම්බර් 28) උදෑසන කටයුතු කරන ලදී.

29 Nov 2017

67 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් ඉස්ලාම් ආගමික වැඩසටහනක්
 

දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද ඉස්ලාම් ආගමික වැඩසටහන අද (නොවැම්බර් 29) උදෑසන කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.

29 Nov 2017

ආපදා කළමණාකරන හා මුල් ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව සාර්ථක ලෙස නිමා වෙයි
 

පසුගිය නොවැම්බර් මස 23 වන දින කල්පිටිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කෙරුණු පළමු ආපදා කළමණාකරන හා මුල් ප්‍රතිචාර දැක්වීමේ පාඨමාලාව ඊයේ (නොවැම්බර් 28) සාර්ථක ලෙස නිමාවට පත් විය.

29 Nov 2017

පුහුණු වන නාවික නිලධා‍රීන්ගේ සංගීතයෙන් හැඩගැන්වූ Live in Uncommon 2017 සංගීතමය සැදෑව
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුවන නාවික නිලධාරීන් විසින් සංවිධානය කරන ලද Live in Uncommon 2017 සංගීත ප්‍රසංගය පසුගිය නොවැම්බර් මස 26 වන දින අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

29 Nov 2017