ජාතික ප්‍රවීණයන්ගේ මේස පන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
 

ශ්‍රී ලංකා ජාතික ප්‍රවීණයන්ගේ මේස පන්දු සංගමය මඟින් සංවිධානය කරන ලද ප්‍රවීණයන්ගේ ජාතික මේස පන්දු තරඟාවලිය ඊයේ (නොවැම්බර් 25) ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුණු අතර, ඉන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා ප්‍රවීණයන්ගේ මේස පන්දු කණ්ඩායමට හැකියාව ලැබිණි.

මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කළ කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු ඇතුළත් වූ අතර, එහිදී ඔවුන් මතු සඳහන් පරිදි සිය ජයග්‍රහණ හිමි කර ගන්නා ලදී.

වයස අවුරුදු 40 ට වැඩි කේවළ තරඟයේ ශූරතාවය

සාමාන්‍ය නාවික පීඩීඅයිපී සිල්වා

වයස අවුරුදු 40 ට වැඩි කේවළ තරඟයේ අනු ශූරතාවය

පාලක ප්‍රධාන සුළු නිලධාරී ජීඑල්ඒඩී ප්‍රසන්න

වයස අවුරුදු 40 ට වැඩි යුගල තරඟයේ ශූරතාවය

පාලක ප්‍රධාන සුළු නිලධාරී ජීඑල්ඒඩී ප්‍රසන්න
සාමාන්‍ය නාවික පීඩීඅයිපී සිල්වා

වයස අවුරුදු 40 ට වැඩි මිශ්‍ර තරඟයේ ශූරතාවය

පාලක ප්‍රධාන සුළු නිලධාරී ජීඑල්ඒඩී ප්‍රසන්න
සාමාන්‍ය නාවික පීඩීඅයිපී සිල්වා
උදයංගනී ආරියවසම් මහත්මිය

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රවිණයන්ගේ මේස පන්දු කණ්ඩායම වර්තමානයේ ජාතික තලයේ මේස පන්දු තරඟාවලි රැසක විශිෂ්ඨ ජයග්‍රහණයන් අත්කර ගැනීමට සමත් වී ඇත. මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ජාතික මට්ටමෙන් පවත්වනු ලැබූ තරඟයන් ජයග්‍රහණය කර ඔවුන් නාවික හමුදාවට මහත් කිර්තියක් අත්කර දී ඇත.