ඉන්දියානු නාවික හා වෙරළාරක්ෂක නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයිි
සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 02) දින ශ්රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. එම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ මහතා ද එක් වී සිටියේය.
කපිතාන් ඩීජේ රිවර්, කොමාණ්ඩර් පන්කාජ් අග්රවල් සහ කොමාණ්ඩර් කේබී සිං යන මහත්වරුන් මෙලෙස නාවික හමුදාධිපතිතුමන් මුණ ගැසිණි. ශ්රී ලංකා නාවික හමුදාවේ අභිනව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම පිළිබද වයිස් අද්මිරාල් රණසිංහ මහතා වෙත ඔවුන් එහිදී සුභපැතුම් එක් කරන ලදී. ඉන් අනතුරුව, මෙම නිල සංචාරය පිළිබඳව මෙන්ම ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් නාවික හමුදාධිපතිතුමා සමඟ සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. නාවික හමුදාධිපතිතුමා හමුවීමෙන් පසු නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් ඇතුළු පිරිස බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සඳහා ද එක් විය.
![](assets/images/news/event_news/2017/november/2017_11_02_c/1.jpg)
![](assets/images/news/event_news/2017/november/2017_11_02_c/2.jpg)
![](assets/images/news/event_news/2017/november/2017_11_02_c/3.jpg)
![](assets/images/news/event_news/2017/november/2017_11_02_c/4.jpg)
![](assets/images/news/event_news/2017/november/2017_11_02_c/5.jpg)
![](assets/images/news/event_news/2017/november/2017_11_02_c/6.jpg)
![](assets/images/news/event_news/2017/november/2017_11_02_c/7.jpg)
![](assets/images/news/event_news/2017/november/2017_11_02_c/8.jpg)
![](assets/images/news/event_news/2017/november/2017_11_02_c/9.jpg)
![](assets/images/news/event_news/2017/november/2017_11_02_c/10.jpg)
![](assets/images/news/event_news/2017/november/2017_11_02_c/11.jpg)