ඇමෙරිකානු නාවික හමුදා II ප්‍රහාරක යුධ නෞකා කණ්ඩායම් ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
 

ඇමෙරිකානු නාවික හමුදා II වන ප්‍රහාරක යුධ නෞකා කණ්ඩායමේ ආඥාපති, රියර් අද්මිරාල් ග්රෙගරි හැරිස් මහතා ඇතුළු පිරිස ඊයේ (ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

එහිදී, රියර් අද්මිරාල් ග්රෙගරි හැරිස් මහතා ඇතුළු පිරිස නව නාවික හමුදාධිපතිතුමන් වෙත සුභ පැතුම් එක් කළ අතර, ඉන් අනතුරුව ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

පසුගිය ඔක්තෝබර් 28 වන දින සුහද සංචාරයක් සඳහා ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘නිමිට්ස්’, ‘ප්‍රින්ස්ටන්’, ‘හොවාර්ඩ්’, ‘ශවුප්’, ‘පින්ක්නේ’ සහ ‘කිඩ්’ යන නෞකා කොළඹ වරායට සේන්දු විය.