මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණයට සමගාමීව පුහුණු අභ්‍යාස සාර්ථකව පැවැත්වේ
 

මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණයට (NOLES) සමගාමීව පැවැත්වෙන ක්ෂේත්‍ර අභ්‍යාස සාර්ථකව 8 වැනි දිනටත් වැලිසර නාවික පරිශ්‍රයේදී පැවැත්වේ. ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර විධානය සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම බහු පාර්ශවීය ආරක්ෂක සහයෝගීතා වැඩසටහනට අනුව පැවැත්වෙන එම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසන්හිදී සහභාගී වන්නන් හට පිරිස් හා ජන සමුහයන් පාලනය කරන ආකාරය පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගීක පුහුණුවිම් රාශියක් ලබා දෙමින් පවති.

ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන මරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණය සහ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය මෙවර පැවැත්වනුයේ 16 වන වරටය. ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපද මැරීන් බලකා සාමාජිකයින් 17 දෙනෙකු සහභාගී වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට මාරාන්තික නොවන අවි ආයුධ භාවිතය පිළිබඳව දැනුම ලබා දීම ඔහුන් විසින් සිදු කෙරේ.

මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණය කොටස් දෙකකින් සමන්විත වේ. එහි ප්‍රධානතම අරමුණ වනුයේ මාරාන්තික නොවන හැකියාවන් ප්‍රයෝජනයට ගැනීම මගින් ජීවිත හා දේපල වලට ඇතිවිය හැකි අලාභහානී වලක්වා ගැනීම සහ කලහකාරී වාතාවරණයන් හමුවේ ඇතිවිය හැකි මානව හිමිකම් උල්ලංගනය වීම් වලක්වා ලීමයි. අගෝස්තු මස 30 වන දින ගලදාරී හෝටලයේ පැවැත්වීමට නියමිත විධායක සම්මන්ත්‍රණය මගින් සියළුම පාර්ශ්වකරුවන් හට සාම සහායක ක්‍රියාකාරකම් පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය පොදු වේදිකාවක් නිර්මාණය කිරීමටද අපේක්ෂා කෙරේ.