අභිනව නාවික හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 22) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. නාවික හමුදාධිපතිතුමන් වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් සින්නයියා මහතා, ප්‍රථමයෙන්ම අතිගරු ජනාධිපතිතුමන් බැහැ දැකීමට පියවර ගෙන ඇත.

22 Aug 2017

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වැඩ භාර ගනී
 

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කොට ඇත.

22 Aug 2017

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගනී
 

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අගෝස්තු මස 22 වන දින සිට නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කොට ඇත.

22 Aug 2017

නිතී විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 21) කල්පිටිය, ඔඩක්කරතිව්, සින්න එරුමතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

22 Aug 2017