ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාධිපති හමුවෙයි
 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද ( 2017 අගෝස්තු, 17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

17 Aug 2017

නාවික සැලසුම්කරණ අධ්‍යක්ෂ කාර්යාංශයේ නව කාර්යාලය සංකීර්ණය සඳහා මුල්ගල තැබේ.
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ස්ථාපිත කරන ලද නාවික සැලසුම්කරණ අධ්‍යක්ෂ කාර්යාංශයේ කාර්යාලය සංකිර්ණය ඉදිකිරීම සඳහා ‍මුල්ගල තැබිම ඊයේ (2017 අගෝස්තු 16) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, කොමදෝරු රවින්ද්‍ර රණසිංහ මහතා අතින් සිදුවිය.

17 Aug 2017

නුවරඑළිය ග්‍රෙගරි වැවේදි අනතුරට පත් කාන්තාවන්දෙදෙනෙකු(02) බේරා ගනි.
 

නුවරඑළිය, ග්‍රෙගරි වැ‍වේහි ජේට් ස්කයි (Jet Ski) බෝට්ටුවක්පදවමින් සිටියදි අනතුරට පත් කාන්තාවන් දෙදෙනෙකු දියේ ගිලෙමින් සිටියදි නාවික හමුදාවේ ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද (2017 අගෝස්තු 17) සවස බේරා ගැනීමට සමත් වී ඇත.

17 Aug 2017