පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත අද (2017 අගෝස්තු 15) ප්‍රදානය කරන ලදී. එය ප්‍රදානය කරන ලද්දේ ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා විසිනි.

පළමු ‍ලෝක යුධ සමයේ සටන්බිමේදී තම රත් පැහැ රුධිරය වගුරවමින් ජීවිතය පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ප්‍රථම වරට ආරම්භ වූ මෙම පොපි මල් සැමරුම වර්තමානයේදී මව්බිම වෙනුවෙන් දිවි දුන් සියළුම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබයි. මව්බිමේ ආරක්ෂාව සඳහා ඔවුන් සිදු කළ කැපවීම සිහිපත් කරමින් පොපි මල් විකිණීමෙන් ලැබෙන මුදල් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා යෙදවිමට අපේක්ෂිතය.