ගම්පහ නව රණවිරු ස්මාරකය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.
 

ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වියුක්තිකයන්ගේ සංගමය විසින් ගම්පහ - ජාඇල මාර්ගයේ ගුවන් පාලම සම්බන්ධවන වට රවුමේ ඉදි කරන ලද නව රණවිරු ස්මාරකය අද (අගෝස්තු, 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් උත්සවාකාරයෙන් නිරාවරණය කෙරිණි.

13 Aug 2017

‘Mr. Melwa’ ජාතික කායවර්ධන තරඟාවලියේ ජය ශ්‍රී ලංකා නාවික හමුදාවට
 

‘Mr. Melwa’ ජාතික කායවර්ධන තරඟාවලිය ඊයේ (අගොස්තු, 12) වන දින මීගමුව, නගර සභා ශාලාවේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කිලෝගෑම් 75 බර පංතිය යටතේ තරඟ කළ නායක සංඥා චතුරංග ඩයස් විසින් සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වු අතර, අනු ශුරතාවය කිලෝගෑම් 70 බර පංතියෙන් තරඟ කළ නායක නැවි ප්‍රසන්න සිරිවර්ධන නාවිකයා හිමිකර ගැනිමට සමත් විය.

13 Aug 2017