ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා නව කාර්යාලය විවෘත කෙරේ
 

නාරා ආයතනය තුළ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා කාර්යාලය අද (අගෝස්තු 10) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන් අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

10 Aug 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රා මඟින් ඊයේ (අගෝස්තු 09) රාත්‍රී සහ අද අළුයම් කාල සීමාවේදී ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින්, නාවික සැතපුම් 9.5 ක්, 6 ක් සහ 7 ක් පමණ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන් හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 3 ක් අත්අඩංගුවට ගෙන ඇත.

10 Aug 2017