ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකීක ධීවරයින් දෙදෙනෙකු (02) නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහාය වෙයි
 

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් දෙ‍දෙනෙකු (02) යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව අද (අගෝස්තු, 09) දින සිදු කෙරිණි. මෙම කර්තව්‍ය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවික සුහදත්වය සංකේතවත් කිරීමක් ලෙස ද හැදින්විය හැක.   

ඒ අනුව, එම කාර්යය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙරළාරක්ෂක බළකායට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අයුෂ්’ නෞකාව ද සහභාගී විය. නිදහස් කෙරුණු ධීවරයින් නාවික හමුදාවේ ආරක්ෂාව මත කන්කසන්තුරය වෙත රැගෙන එමෙන් පසු යාපනය, සහකාර ධිවර පරික්ෂක වෙත භාර දිමට කටයුතු කරන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර දිමට කටයුතු කළ ලාංකීක ධීවරයින් දෙදෙනා පේදුරුතුඩුව ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, 2017 මැයි මස 20 වන දින ඉන්දිය අත්අඩංගුවට පත්වි ඇත.  

තවද, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවික සුහදත්වය සංකේතවත් කිරීමක් ලෙස පසුගිය අගෝස්තු මස 03 වන දින ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු යලි එරටට භාර දීම සිදු කෙරිණි.