කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී, අද (29) පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

29 Jun 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් අවස්ථාවක් සනිටුහන් කරමින් පුත්තලම මදුරන්කුලිය සහ ගලෙන්බිදුනුවැව උපුල්දෙනිය යන ස්ථානයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (29) දින ජනතා අයිතියට පත් කෙරිණි.

29 Jun 2017

ගංවතුර පාලන සහ ජල කළමණාකරන මධ්‍යස්ථානය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට නියමිත ගංවතුර පාලන සහ ජල කළමණාකරන මධ්‍යස්ථානය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ (28) මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ දී පැවැත්විණි.

29 Jun 2017