උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (4) උඩුත්තුරේයි ප්රදේශයේ සිදු කරන ලද රාත්රි පාමුර සංවාරයකදී අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 17 ක ප්රමාණයක් සොයා ගෙන ඇත. එම කේරළ ගංජා තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා මරතන්කේනි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.