සාර්ථක සංචාරයකින් පසු සයුර නෞකාව යලි දිවයිනට පැමිණෙයි
 

මලයාසියාවේ පැවැත් වූ 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා 2017) සහභාගීවීම සඳහා පසුගිය 14 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (31) නැවතත් කොළඹ වරායට සේන්දු විය.

31 Mar 2017

ජ්‍යෙෂ්ඨ නාවිකයන් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පය මත ආරම්භ කෙරුණු ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් අද (31) නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

31 Mar 2017

නාවික හමුදා ගොල්ෆ් කණ්ඩායම සිය ප්‍රථම විදෙස් සංචාරය සඳහා සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරී ගොල්ෆ් ක්‍රීඩා කණ්ඩායම තායිලන්තයේ බැංකොක් නුවරදී සිය පළමු විදෙස් ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගී විය.

31 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (30) සිදු කළ සෝදිසි කිරීමකදී මන්නාරම, වන්කාලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

31 Mar 2017