ලීමා - 2017 ට සහභාගී වීම සඳහා සයුර නෞකාව මැලේසියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකා අතරින් විශාලතම නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර, මැලේසියාවේ ලන්කාවි දූපතේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2017) සහභාගී වීම සඳහා අද (14) සවස කොළඹ වරායෙන් පිටත් විය.
14 Mar 2017
ඉන්දීය ධීවරයින් 77 කට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 12 කට නිදහස

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (14) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
14 Mar 2017
පාකිස්තානු නාවික නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය 12 වන දින මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ශේත්සාඩ් ඉක්බාල් සහ කපිතාන් සඛීබ් ඉලියාස් යන නිලධාරීන් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
14 Mar 2017
නයිජීරියානු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් තිදෙනෙක් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

නයිජීරියානු නාවික හමුදාවේ රාජකාරී නියුතු රියර් අද්මිරාල් ටී. ඩික්, කොමදෝරු ඉඕ ෆෙරීරෙ සහ කොමාණ්ඩර් ඒජේ බෙල්ලෝ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
14 Mar 2017
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද අතර, එම යන්ත්‍ර ඊයේ (13) මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
14 Mar 2017
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 13 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇත.
14 Mar 2017