නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයන් 3 දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට
 

මිරිස්සෙහි පිහිටි වෙරළාරක්ෂක රෝහණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) නීති විරෝධී කටයුතුවල නිරත වූ ලාංකික පුද්ගලයෙකු සහ විදේශික පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් කොස්ගොඩ මුහුදු ප්‍රදේශයේදී තහනම් ක්‍රම භාවිතා කරමින් නීති විරොධී ලෙස ධීවර කටයුතුවල නිරත වී ඇති අතර, එහිදී, ඩිංගි යාත්‍රාවක්, මසුන් මැරීම සඳහා යොදා ගන්නා තුවක්කු (Fishing Gun) 3 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගල් 3 ක් සහ මුහුණු ආවරණ 2 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි නීතිමට කටයුතු සඳහා ගාල්ල කොට්ඨාශ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.