නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අයත් ගාල්ලෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයට සහ වෙරළාරක්ෂක බළකායට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (30) අකුරළ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ඩිංගි යාත්‍රාවක්, ට්‍රෝලර් යාත්‍රාවක්, ඔරුවක්, මාළු දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 200 ක්ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල දිස්ත්‍රික් ධීවර කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.