‘Foot Prints on the Sands of time’ ග්‍රන්ථය නාවික හමුදාධිපතිතුමාහට පිළිගැන්වෙයි
 

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් නිර්මාණය කර එළි දක්වන ලද ‘Foot Prints on the Sands of time’ ග්‍රන්ථයේ පළමු පිටපත අද (27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විය. එම අවස්ථාව සඳහා රියර් අද්මිරාල් (විශ්‍රාමික) එස්ආර් සමරතුංග, කපිතාන් (විශ්‍රාමික) පැට්‍රික් ජයසිංහ සහ කොමාණ්ඩර් (විශ්‍රාමික) ටීඩී වීරසිංහ යන මහත්වරුන් එක්වී සිටියහ.