නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) චිරුතිව් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් වල්ලමක් සහ තහනම් දැල් 23 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්ඩතිව්, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.