හෙරොයින් ග්‍රෑම් 36 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලීහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ සර්දාපුර්ම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (18) ගෝපාල්පුරම් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 36. 230 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ හෙරොයින් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලී පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.