ගාලු කතිකාව 2016 සඳහා සහභාගීවීමට පැමිණි විදෙස් නියෝජිතයින් නාවික හමුදාධිපති හමුවෙයි
 

2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නාවික හමුදාවන්හි ප්‍රධානීන් සහ විදේශීය සාගරික සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් අද (28) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

එහිදී, ඔවුන් සුහද සාකච්ජාවන් හි නිරත වූ අතර, උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම සඳහා ඉතා වැදගත් වන නව අදහස් හා යෝජනා පිළිබඳව ලොව පුරා විහිදී සිටින සාගරික විශේෂඥයින් හට සහ නාවික මූලෝපායඥයින් හට සාකච්ඡා කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය මගින් ඉතා හොඳ අවස්ථාවක් සලසා දී තිබීම පිළිබඳව එහිදී ඔවුන් නාවික හමුදාධිපතිතුමන් හට සිය ස්තූතිය ප්‍රකාශ කරන ලදී. ‍එම අවස්ථාවන් සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කෙරිණි.

අද්මිරාල්, සුනිල් ලන්බා
ඉන්දීය නාවික හමුදාධිපති
අද්මිරාල් හැරී බී. හැරිස්
ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ ආඥාපති
කොමදෝරු විල් වැරැන්ඩර්, රාජකීය නාවික හමුදාව
ඒකාබද්ධ සාගරික බලකාය
වයිස් අද්මිරාල් අන්ඩ්‍රියස් ක්‍රවුස්
ජර්මානු නාවික හමුදාධිපති
කර්නල් කියාවු ෂිව් ටන්
මියන්මාර්
කර්නල් මොහමඩ් ඉබ්රාහිම්
මාලදිවයින් ජාතික වෙරළ ආරක්ෂක හා ආරක්ෂක බලකාය