ඇමරිකානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් සෙබළුන් පුහුණු අභ්‍යාසයන්හි නිරත වෙයි
 

පසුගිය 22 වන දින පුහුණු සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකානු නාවික හමුදාවට අයත් “සමර්සෙට්” යුද නෞකාවේ මැරීන් සෙබළු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වන මැරීන් සෙබළු මේ වන විට ත්‍රිකුණාමලයේදී පුහුණු අභ්‍යාසයන්හි නිරත වෙමින් සිටී.

24 Nov 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (23) ඉලුප්පුකඩවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

24 Nov 2016

නාවික හමුදාවේ කයක් යාත්‍රා යුද හමුදාව වෙත ලබා දෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙරළාශ්‍රිත මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය මගින් නිෂ්පාදනය කරන ලද “කයක්” වර්ගයේ අංග සම්පූර්ණ කුඩා යාත්‍රා 8 ක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ප්‍රදානය කිරීම පසුගිය 19 වන දින මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා පුහුණු කදවුරේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

24 Nov 2016