නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැ‍ගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 4446 යාත්‍රාවේ රාජකාරීයේ නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) පුල්මුඩේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු සමග ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක් සහ නීතිවිරෝධී දැලක් ද අත්අඩංගුවට ගන්නා ලදී.

28 Oct 2016

ඩෙටනේටර් 7,500 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම හි පිහිටි ‍ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) පල්ලිමුනෙයි ප්‍රදේශයේදී ඇසුරුම් 100 ක සඟවා තිබූ විදුලි නොවන ඩෙටනේටර් 7,500 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

28 Oct 2016

නාවික හමුදා විරුවන් වීර පදක්කම් වලින් පිදුම් ලබයි
 

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට වීර පදක්කම් ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති, සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

28 Oct 2016