නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම කලපුව අශ්‍රිතව සිදු කරන ලද මුහුදු මුර සංචාරයකදී, පුල්ලුපිඩ්ඩි දුපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 2 දෙනෙකු අද (27) අත්අඩංගුවට ගන්නා ලදි. එහිදි මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් ද අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.