නාවික හමුදාව විසින් මුහුදු සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු බේරා ගැනේ
 

හික්කඩුව වෙරළ තීරයේ, සීනිගම දේවාලය අසල මුහුදේ සැඩ පහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයෙකු බේරා ගැනීමට ඊයේ (30) නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ හා සහන බලඝණයේ නාවිකයන් පිරිසක් සමත් විය.

31 Aug 2016

ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වශයෙන් රාජකාරී කටයුතු කරනු ලබන ලුතිනන් කර්නල් කාර්ස්ටන් හෝල්ෂර් මහතා අද (31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

31 Aug 2016

රත්‍රන් කිලෝග්‍රෑම් 5.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 5.5ක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (30) රාත්‍රියේ නාවික හමුදා අත්අඩංගුවට පත් විය.

31 Aug 2016

තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (30) සමත් විය.

31 Aug 2016