කේරළ ගංජා කිලෝ 50 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදවට අයත් පී 483 වේග ප්‍රහාරක යාත්‍රාව විසින් අද (28) උදෑසන පේදුරුතුඩුවට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 50 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර, ඒවා ප්‍රවාහනය සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාව සහ එහි තිබූ ආම්පන්නද නාවික හමුදා අත්අඩංගුවට පත්විය.

28 Aug 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් කුච්චවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) පරවි දූපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

28 Aug 2016

තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) මොතුවාරම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

28 Aug 2016